Showing posts with label nothinga. Show all posts
Showing posts with label nothinga. Show all posts

Wednesday, July 16, 2014

ස්ථාවර තත්ත්
ව වාදයAstrobiology යන ග්‍රීක වචනයේ තේරුම වන්නේ (astro නක්ෂත්‍ර මණ්ඩලය bio- ජීවය logos -දැනුම) යන්නයි. එය විශ්වයේ ජීවය සෙවීම සඳහා තාරකා විද්‍යාව, භූ විද්‍යාව හා ජීව විද්‍යාව සංයෝජනය කෙනෙ ක්ෂේත්‍රයකි. එය ප්‍රධාන වශයෙන් නාභිගත වන්නේ ජීවයේ සම්භවය, ප්‍රචාරණය හා පරිණාමය මතයි. වෙනත් තාරකා වටා පවතින ග්‍රහ මණ්ඩල පිළිබඳ තොරතුරු ආමනයන් සමඟ එහි අණසක බහිර් ජීව විද්‍යාව දක්වා පුළුල් වී ඇත.

අභ්‍යවකාශ ජීව විද්‍යා පර්යේෂණ මාතෘකා අතරින් සටහන් වන්නේ

ජීවය යනු කුමක්ද?
පෘථිවිය මත ජීවය ඇති වූයේ කෙසේද?
පෘථිවිය මත ජීවයේ වර්තමානය හා අනාගතය පිළිබඳ අජටාකාශ භෞතික විද්‍යා නිරීක්ෂණ පවසන්නේ මොනවාද?
වෙනත් ග්‍රහලෝකවල ජීවය පවතී නම් අප එය හඳුනාගන්නේ කෙසේද?
සංකීර්ණ ජීවය සඳහා අපට කෙ‍තරම් කල් බලා සිටින්නට සිදුවේද?
එය DNA හා කාබන් මත හෝ වෙනත් යමක් මත පදනම් වූවක් ද?
එහි ස්වරූපය කෙබඳු ද?
යනාදි පොදු ගැටළුය. නමුත් එය ගැඹුරින් විමසන විට ගැටළු රාශියක් උත්පාදය කරයි. බොහො විට අභ්‍යවකාශ ජිව විද්‍යාවේ ගොඩ නැ‍ඟෙන්නා වු ත් විමසිමට භජනය වන්නා වුත් ගැටළු වන්නේ පෘථිවියට පරිබාහිර ජිවයක් විශ්වයේ අන් තැනක තිබේද යන්නය. එයට පක්ෂ වන්නේ නම් එනම් පෘථිවියෙන් පරිබාහිර වු ජිවයක් තිබේ නම්

එය ක්ෂුද්‍ර මට්ටමේ එකක්ද?
නැතිනම් යම් බුද්ධිමත් ජිවි කොටසක්ද? ඒ කොයි ආකාරයක බුද්ධි මට්ටමක්ද?
එසේ ජිවයක් හටගත් ග්‍රහලෝකයේ ස්වභාවය කුමක්ද?
කුමන ආකාරයේ ජිව විද්‍යාත්මක පදනමක් ඔවුන්ට තිබේද?
අපට ඔවුන් සමඟ තොරතුරු හුවමාරු කර ගත හැකිද?
පෘථිවියෙන් පරිබාහිර ජිවයක් අප සමාජ ආර්ථික සංස්කෘතික තත්ත්වයන්ට කුමන ආකාරයක බලපෑමක් එල්ල කරන්නේද?
ආදි ගැටළු රාශියක් අප වෙත එල්ල වේ. එමෙන්ම විශ්වයේ අප තනිවු හුදකලාවු ජිවයක් නම් එවිටද අපට ගැටළු කිහිපයක් මතු වේ.

අප විශ්වයේ හුදකලා වුයේ ඇයි?
විශ්වයේ බිලියන ගණනක් වු තාරකා අතරින් ඒවා වඩා පරිභ්‍රමණය වන ග්‍රහ ලෝක අතරින් ජිවයක් හට ගැනිමට පෘථිවිය සතුවු විශේෂිත වු ලක්ෂණය කුමක්ද?
විශ්වයේ පවතින්නා වු ජිව සන්නතියේ අනාගතය කෙබඳුද? එය පෘථිවියේ පැවැත්ම මත පමණක්ම රැදුණු ජිවයක්ද?
පෘථිවියෙන් එපිටට මේ ජිවය රැගෙන යා හැකිද?
  යනාදි  ගැටළු නිරන්තරයෙන් අභ්‍යවකාශ ජිව විද්‍යාව හමුවේ පවති.
අභ්‍යවකාශ ජිව විද්‍යාව ඉතා වේගයෙන් දියුනු වන විශය ක්ෂේත්‍රයකි.එය ජිවයේ මුලාරම්භය හා පරිණාමය ගැන ද සොයා බලන්නාවු ක්ෂේත්‍රයක් වේ. අභවකාශ ජිව විද්‍යාව යනු නුතන විෂයක් ලෙස බොහො දෙනා හඳුනා ගත්ත ද එයට දිගු ඉතිහාසයක්ද පවති. අභ්‍යාවකාශ ජීව විද්‍යාව යනු භෞතික විද්‍යාව, ජීව විද්‍යාව , භූ විද්‍යාව හෝ දර්ශනය යොදා ගනිමින් පරිබාහිර ලෝකවල ජීවයේ ස්වභාවය ප්‍රතිබිම්භනය කිරීමට සමත් බහු විනයානුකූල ක්ෂේත්‍රයකි. “අභ්‍යාවකාශ ජීව විද්‍යාව දන්නා විද්‍යාත්මක න්‍යායන් යොදා ගෙන නොදන්නා දේ පිළිබඳ ප්‍රතිබිම්භනයක් ‍ගොඩ නංවවන ස්වාභාව දර්ශන ක්ෂේත්‍රයක් බව මෙම ක්ෂේත්‍රයේ විචාරක ඩේවිඩ් ග්‍රීන්ස්පූන් 2003 දී පවසා ඇත. ජීවය සහිත ග්‍රහලෝක පිළිබඳ අපට ඇත්තේ එකී උදාහරණයක් පමණක් බැවින් වැඩ කටයුතු බොහොමයක් ප්‍රතිබිම්භ වන අතර ජීව විද්‍යාවේ ‍,භෞතික විද්‍යාවේ හා ජීව රසායන විද්‍යාවේ වත්මන් දැනුම මත පදනම්ව ඇත.


කෙසේ වුවත් ක්ෂිර පථය නමින් හඳුන්වන අප සෞර ග්‍රහ මණ්ඩය අයත් මණ්දාකිණියට සුරුයා වැනි තාරකා බිලියන 200ක් වත් අයත් යැයි සැලකේ. එමෙන්ම ක්ෂිර පථය නමින් අප හඳුන්වන මණ්දාකිණිය වැනි මන්දාකිණි බිලියන සිය ගණක්වත් විශ්වයේ ඇතැයි විදඥායෝ සැක පළ කරති. ඇත්තෙන්ම කොතරම් මන්දාකිණි ප්‍රමාණයක් විශ්වය සතුව ඇත්දැයි නොදන්නා හෙයින් කොපමණ තාරකා ප්‍රමාණයක් එවාට අයත් ග්‍රහ වස්තු සමඟ භ්‍රමණය හා පරිභ්‍රමණය වෙමින් පවතී දැයි නිශ්චය කළ නොහැකි තරම්ය. එවන් වු විශාල විශ්වයක ජිවයක් පවතිදැයි සෙවිම ඇත්තෙන්ම දුෂ්කරය. නමුත් එය කළ නොහැක්කක් නොවේ. මන්ද මිනිසා සතු විද්‍යාත්මක හා තාක්ෂණික හැකියාව දිනෙන් දින වර්ධනය වන නිසාය.

විද්‍යාව හා තාක්ෂණය කොතරම් වර්ධනය වුවද නැතහොත් දියුණු වුවද තවමත් තාරකා හෝ අභ්‍යාවකාශ ජිව විද්‍යාඥයන්ට වෙනත් ග්‍රහ ලෝකයක් වෙත ගොස් ජිවින් පිළිබඳ පර්යේෂණ කටයුතු කිරීමට අවශ්‍ය තරම් හැකියාවක් ලැබි නොමැත. මේ නිසාම ඔවුන් විශේෂ අවධානයක් පෘථිවියේ ජිවය කෙරෙහි යොමු කරනු ලැ‍බේ. එනම් අභයවකාශ ජිව විද්‍යාඥයන් පෘථිවිය තම නිවස ලෙස සළකනවා සේම ඔවුන් පෘථිවිය තවත් එක් ග්‍රහ ලෝකයක් ලෙස පර්යේෂණ කටයුතු කෙරෙහි යොදා ගනි. පෘථිවියේ ජිවය සම්භවය වු ආකාරය ගැන ඔවුන් විශේෂ අවධානයක් යොමු කරන්නේ ද ඒ බැවිණි. ඉතා ක්ෂුද්‍ර ජිව මට්ටමකට සිට අද දක්වා ජිවය වර්ධනය විමට තුඩු දුන් සාධක, මේ නිසාම අභ්‍යවකාශ ජිව විද්‍යාවේ නිරන්තර පර්යේෂණයට බඳුන් වේ. විහේෂයෙන්ම පෘථිවියේ කුමන පාරසයකද මුලින්ම ජිවය ඇති වන්නට ඇත්තේ යන ගැටළුව ඔවුන් නිරන්තරයෙන් පිළිතුරු සොයන ක්ෂේත්‍රයකි.
Subscribe to RSS Feed Follow me on Twitter!