Wednesday, July 16, 2014

නොගිණිය හැකි , නොමිණිය හැකි මන්දාකිණී තාරකා හා ග්‍රහලෝක මහා සම්භාරයකින් පිරි විශ්වය යනු කුමක් ද?
එය කෙසේ ආරම්භ වීද? එහි අවසානය කෙසේ වනු ඇතිද? එම විශ්වයේම සාමාජිකයන් වන මානව සංහතියේ ඉරණම කුමකු වනු ඇත්ද?
ආදී ප්‍රශ්නවලට පිළිතුරැ සොයමින් දුරාතීතයේ සිට අද දක්වාම මිනිසා වෙහෙසෙමින් සිටී.
කලින් කල ඔහු මේ සම්බන්ධයෙන් සොයාගත් පිළිතුරැ නව දැනුමේ වර්ධනයත් සමගම අවලංගු වී ගියේය.


විශ්වය මීට වසර 5000කට පමන පෙර දෙවියන් වහන්සේ විසින් මවා වදාල බව පල කල කතෝලික පල්ලිය ඒ ගින සැක පහල කළවුන් මිසදුටුවන් ලෙස සලකා
දැඩි දඩුවම් පැමිණවිය.
ඒ අතර ආසියාතික රට වල හා මැද පෙරදිග පෙදෙස් වල වැසියෝ විශ්වයනිර්මාණය කිරීමේ බරපතල වගකීම බ්‍රහ්මයා, ඊහශ්වර දෙවියන් හා අල්ලාහ් මත පටවන්නට ප්‍රයත්න දැරෑහ.
දෙවියන් වහන්සේ මෙන්ම බ්‍රහ්මයා ද බැහැර කළ නව විද්‍යාඥ පරපුර විසින් විශ්වයේ ආරම්භය හා පැවැත්ම ගැන වඩාත් තර්කානුකූල වූද, බුද්ධිගෝචර වූද, සිද්ධාන්ත කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
එහෙත් මේ සෑම සිද්ධාන්තයක්ම තවමත් පවතින්නේ හුදෙක් උපකල්පන තත්වයේ පමණි.

අවසාන සත්‍ය සිද්ධාන්තය කෙබදු එකක් වේද?
එවැනි සිද්ධාන්තයක් ගොඩනගා ගැනිමට මිනිසාට හැකිවේද ?

අපරිමිත විශ්වය තුල අපට හිමි ස්ථානය සොයා යන චාරිකාවට එක් වන්න......

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!